World

මැදපෙරදිග පවතින යුද ගැටුම් තත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් ජී. 07 රටවල් අනතුරු ඇගවීමක්

මැදපෙරදිග පවතින යුද ගැටුම් තත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් ජී. 07 රටවල් අනතුරු ඇගවීමක්

මැදපෙරදිග පවතින යුද ගැටුම් තත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් ජී. 07 රටවල් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, කඩිනමින් සටන් විරාමයකට එළඹිය යුතු බවයි එම රටවල රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරු සදහන් කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට පැමිණි සිටි අවස්ථාවේ පැවති සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.

සටන් විරාමයකට නොපැමිණියහොත් ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරගත නොහැකි තත්වයට උත්සන්න වීම හේතුවෙන් මැද පෙරදිග රටවලට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදිමට සිදු වනු ඇති බව ජී. 07 රටවල රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරු අනතුරු අඟවා තිබෙනවා.

Related Articles

Back to top button