Local News

පිටි කළ පොල් කිරි භාවිතයට යොමුවන්නැයි ඉල්ලීමක්

පිටි කළ පොල් කිරි භාවිතයට යොමුවන්නැයි ඉල්ලීමක්

පොල් හිගයට සහ මිල ඉහළ යාමට විසදුම් ලෙස වෙළදපළේ අලෙවිකිරීමට ඇති පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට ගැනීමට පාරිභෝගිකයන් වැඩිවශයෙන් උනන්දු විය යුතු බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

පොල් පරිභෝජනයෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් ගෘහස්ථව පරිභෝජනය කරන බවත්, පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතය තුළින් අද වන විට පොල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු‍වට යම්තාක් දුරකට විසදුම් ලබාගත හැකි බවයි එම අධිකාරිය සදහන් කළේ.

අද වන විට වෙළදපළේ පොල් ගෙඩියක මිල රුපියල් 180 දක්වා ඉහළ ගොස් ඇති අතර එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියේ ප්‍රමාණය අනුව මිල තීරණය කෙරෙන බව සඳහන්.

Related Articles

Back to top button