ඔස්ට්‍රේලියානු ජනප්‍රිය TikTok තරුවක්වන 24 හැවිරිදි Bella Bradford පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය මෙසේ මියගොස් ඇත්තේ, Rhabdomyosarcoma නම් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳ අවසානයේදීයි.
ඇය මියයාමට පෙර අවසාන වශයෙන් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරිමින් ඇය සිය රසික රසිකාවියන් ඇයට දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වී තිබෙනවා.
ඇය බොහෝ විට TikTok හරහා ඇයගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව සහ ඇයගේ ජීවිතය සම්බන්ධ වීඩියෝ බෙදාගෙන තිබෙන අතර, ඇය අවසාන වශයෙන් ‘Get Ready With Me’ වීඩියෝවක් පලකර තිබෙනවා.
ඇය විසින් පල කර ඇති අවසාන වීඩියෝවේ ඇය මෙසේ සඳහන් කර තිබෙනවා.
“ඔබට කවදා හෝ මාව බැලීමට අවශ්‍ය නම් ඔබට මගේ සියලුම වීඩියෝ දෙස ආපසු හැරී බලා ඔබේ දවස තුළ ප්‍රීතියක් ලබා ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙමි.
ඔබ සෑම දිනකම ජීවත්වන බවත්, ඔබ එක් වරක් පමණක් මිය යන බවත් මතක තබා ගන්න. මේ අපූරු සවාරිය සඳහා ඔබට බොහෝම ස්තූතියි. ඔබ සැමට ලස්සන, පුදුමාකාර ජීවිත ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ සෑම කෙනෙකුටම මම සුබ පතනවා.”