මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසවලින් ඉවත් වන ලෙස පැවති පාර්ලිමේන්තු නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට සිදුකළ දැනුම්දීම අනුව ඊයේ දිනයේදී හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම පරිශ්‍රයෙන් ඉවත්ව ගියා.
වෛද්‍ය තිලක් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා මෙන්ම හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ද තමන් සිටි නිල නිවසේ පැවති භාණ්ඩ රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.
මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් වීම සදහා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ට අවසන් දින ලබාදෙමින් දැනුම් දී තිබුණේ නව පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන හෙට වනවිට එම නිවාස වලින් ඉවත් වන ලෙසටයි.
බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් මේ වන විට අදාල නිල නිවාස භාර දී තිබෙනවා.
හිටපු මන්‍ත්‍රීවරුන් භාවිත කළ නිල නිවාස 112 න් අඩකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.
ඒවා නව මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට සුදුසු වන අයුරින් සැකසීමද සිදුවනවා.