Local News

මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර

මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර

මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහ මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක්රැස් වී තිබෙන රියදුරු බලපත්‍ර, මසක් වැනි කාලයක් තුළ මුද්‍රණය කර නිකුත් කිරීමටත්, ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වා ගෙන යාමටත් පියවර ගන්නා බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ වාරිකාවකට සහභාගී වෙමින් ප්‍රවාහන, මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කර තිබෙනවා.

මේ අතර, 2025 වසර අවසන්වන විට ඓතිහාසික පෙරළියක් සිදු කිරීම අභිනව රජයේ ප්‍රතිපත්ති බවත් එම අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත්, මෙතෙක් කලක් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පෙන්වු භෞතික දියුණුව වෙනුවට මානව සම්පත සහ කුසලතා වර්ධනය කර, සේවා ලබාදීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරු දෙපළ වැඩිදුරටත් සඳහන් කළ බවයි එම අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙන්නේ.

 

Related Articles

Back to top button