
ආනයනික සහල් මෙට්රික් ටොන් 115000ක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර තිබෙන බව ශ්රී ලංකා රේගුව පවසයි.
එයට කැකැළු සහල් මෙට්රික් ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්රික් ටොන් 70000ක් ඇතුළත්ය.
සහල් ආනයනය සඳහා රජය ලබාදී ඇති කාලය හෙටින් (10) අවසන් වේ.
වෙළෙඳපොළේ පැවති සහල් හිඟය සැලකිල්ලට ගෙන රජය විසින් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර ලබාදී තිබේ.



