එළඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍ය ගේටන් මැකෙන්සි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ, ඇෆ්නිස්තානය තුළ කාන්තාවන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව ලොව පුරා එල්ලවන විරෝධතාවන්ට සහාය පළකරමින් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව එළඹෙන පෙබරවාරි 21 වැනි දා කරච්චි හි දී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙපිළ අතර පැවැත්වෙන මූලික වටයේ තරගයට අදාළවයි දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ.
කෙසේ නමුත් ඔහු සිය යෝජනාව දැනුම් දෙමින් සඳහන් කර තිබුණේ, මේ සම්බන්ධයෙන් අනෙකුත් රටවල ක්‍රිකට් ආයතන සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟවනු ඇති බවත්, ඇෆ්ගනිස්තානය සමග දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරනවා ද, නැති ද යන්න පිළිබඳව අවසන් තීරණය ගැනීම තමන් සතු වගකීමක් නොවන බවයි.