Local News

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට රේගුවෙන් වැඩපිළිවෙළක්

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට රේගුවෙන් වැඩපිළිවෙළක්

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරයා උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවය.

මීට අමතරව RCT, ග්‍රේලයින් 1 හා 2 අංගනවලින් බහාලුම් 242ක් පරීක්ශාක්ෂාව අවසන් කොට නිදහස් කර තිබුණි.

රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදගස් කළ හැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණු බව රේගුව සඳහන් කරයි.

අද (14) උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී තිබේ.

අද නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Back to top button