
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බොහෝ පිරිසක් විසින් සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
එහි නාම යෝජනා නිවේදනය ඊයේ සිදු කිරීමට නියමිතව තිබුණද සංවිධායකයින් විසින් එය ජනවාරි 23 දක්වා කල් දමා තිබෙනවා.
එවැනි පසුබිමක 2025 ඔස්කාර් සම්මාන උළෙල අවලංගු කළ හැකි බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
97 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මාර්තු 2 වන දින පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.



