EntertainmentWorld

බොලිවුඩ් නළු සෝනු සූඩ්ට එරෙහිව පන්ජාබ් අධිකරණයක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්

බොලිවුඩ් නළු සෝනු සූඩ්ට එරෙහිව පන්ජාබ් අධිකරණයක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්

වංචා නඩුවක් සම්බන්ධයෙන් බොලිවුඩ් නළු සෝනු සූඩ්ට එරෙහිව පන්ජාබ් අධිකරණයක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලුදියානා අධිකරණ මහේස්ත්‍රාත් රාමන්ප්‍රීත් කෞර් විසිනුයි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

සාක්ෂි ලබා දීම සඳහා සෝනු සූඩ් අධිකරණයට කැඳවනු ලැබුණද, ඔහු පෙනී සිටීමට අපොහොසත් වීම හේතුවෙනුයි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ.

රුපියල් ලක්ෂ 10ක වංචාවක් සම්බන්ධයෙන් ලුඩියානාහි පදිංචි නීතිඥයෙකු විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ප්‍රධාන විත්තිකරුවන මෝහිත් ශුක්ලා නැමැත්තා ව්‍යාජ ලෙස ආයෝජනය කිරීමට තමාව පොළඹවා ගත් බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.

මෙම නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණය සෝනු සූඩ්ට කැඳවූ අවස්ථාවේදීයි ඔහු එය මග හැර තිබෙන්නේ.

ඒ අනුව, ලුඩියානා අධිකරණය සිය නියෝගයෙන්, මුම්බායිහි අන්දෙරි බටහිර ඔෂිවාරා පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට සෝනු සූඩ් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

Related Articles

Back to top button