Local News

පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.

පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත අදාළ තිරිඟු පිටි තොගය සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.

එහිදි එම ගබඩාව තුළ තිබී වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750ක් සොයාගෙන තිබේ.

අදාළ පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් කල් ඉකුත් වීමේ දිනය මේ වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් සඳහන් කර තිබු අතර ඒවා දැඩි කෘමි ආසාදනයට ලක්ව තිබු බව සඳහන්ය.

ඒ අනුව අදාළ භාණ්ඩ තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related Articles

Back to top button