Local News

මහනුවර නගර සීමාව ආශ්‍රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු

මහනුවර නගර සීමාව ආශ්‍රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාව ආශ්‍රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු දී  තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය පැවසුවේ, දළදා වන්දනාව සඳහා දැනට වෙන්කර තිබෙන දින ගණන යම් හෙයකින් දීර්ඝ කළහොත් එම පාසල් තවදුරටත් වසා තැබෙන බවයි.

මහනුවර ආරක්ෂාවට යොදවා ඇති පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නවාතැන් දීම සඳහා එම පාසල් වෙන්කර තිබේ.

ඊට අමතරව දළදා වන්දනාවේ පැමිණෙන ආබාධිත හා වැඩිහිටි පුද්ගලයින්ට අවශ්‍යතාව මත නවාතැන් ලබා දීම සඳහා ද එම පාසල් යොදාගනු ඇති.

Related Articles

Back to top button