Local News

තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21වනදාට පෙර ලබාදීමට සැළසුම්

තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21වනදාට පෙර ලබාදීමට සැළසුම්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21වනදාට පෙර බෙදා අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ ඉන්පසුව කිසියම් අධිකරණයකින් ඒ සම්බන්ධ නඩු තීන්දුවක් ලැබුණහොත් එම පළාත් පාලන ආයතනයේ තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බවයි.

මේ වන විට පළාත් පාලන ආයතන 227ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කර ඇති අතර ඉතිරි පළාත් පාලන ආයතන 112 සදහා තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට නියමිතව තිබේ.

Related Articles

Back to top button