World

ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි, පාකිස්ථානයෙන් භාණ්ඩ ආනයනය තහනම් කරයි

ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි, පාකිස්ථානයෙන් භාණ්ඩ ආනයනය තහනම් කරයි

ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි, පාකිස්ථානයෙන් භාණ්ඩ ආනයනය තහනම් කර තිබෙනවා.

මේ අතර පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු සිටින බවට ඉන්දියාවෙන් ලද තොරතුරකට අනුව, චෙන්නායි සිට පැමිණී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් සහ එහි මගීන් කටුනායක ගුවන් තොටුපළේදී විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ තොරතුර ලැබෙන විට එහි පැමිණි මගීන්ගෙන් කොටසක් පිටව ගොස් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙන්ම, ගුවන් හමුදාව සහ පොලිසිය ද අදාළ සෝදිසි කිරීම සදහා එක්ව තිබෙනවා.
එම ගුවන් යානය ඉන්දියාවේ – චෙන්නායි නුවර සිට මගීන් 226 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු සමගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවද වාර්තා වුණා.

Related Articles

Back to top button