Local News

නව ළඳරු උපත් අතර තැලසීමියා රෝගයේ වර්ධනයක්

නව ළඳරු උපත් අතර තැලසීමියා රෝගයේ වර්ධනයක්

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසයි.

එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ මෙරටින් වසරකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසීමියා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවය.

එමෙන්ම තැලසීමියා රෝග වාහකයින් ලක්ෂ 5ක් පමණ සිටින බව අදට යෙදී ඇති ජාත්‍යන්තර තැලසීමියා දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පැවසීය.

“තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාව දීම“ යන තේමාව යටතේ මෙවර තැලසීමියා දිනය සමරනු ලබයි.

Related Articles

Back to top button