
ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන වන විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 12ක් සපිරෙනවා.
2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනා ගනු ලැබුවේ දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේයි.
එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලද පිතිකරුවා වූයේ මහේල ජයවර්ධනයි.
තරග 6කට ක්‍රීඩා කළ මහේල ලකුණු 158 ක් රැස් කරන ලද්දේ අවසන් මහ තරගයේදී ලද ලකුණු 24 ද සමඟින් පන්දු 24 කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාව සදහා මහේල හතරේ පහර 4 ක් එල්ල කළා.
ලොව පුරා කන්ඩායම් 16කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණයෙන් පසු මහේල මෙන්ම කුමාර් සංක්කාරද සිය විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියට සමු දීම ක්‍රීඩා ලෝලීන්ගේ ඇසට කඳුළක් එක් කරන සිදුවීමක් බවට පත්වුණා.



