මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වාගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනූව රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය – පෞද්ගලික හවුල් ක්‍රමවේදය මත කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වූ ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට නියමිතයි.
මේ බව 2023-05-02 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.
ඉහත නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මෙම ජාතික සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ මෙහෙයවීම හා නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළයුතු වනවා.
එමෙන්ම හඳුනාගන්නා ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමට නියමිතයි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කෙරූ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.