කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ අද (24) පෙරවරුවේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
මහල් හයකින් යුත් එම ගොඩනැගිල්ලේ බිම් මහලේ ගින්න හටගෙන තිබු අතර කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න පාලනය කළ බවයි අප වර්තාකරුවන් කියා සිටියේ.
ඒ හේතුවෙන් අද (24) දින සේවාවන් ලබා ගැනීමට පැමිණි ජනතාව ද අපහසුතාවයට ලක් වුණා.
දුම ආඝ්‍රහණය වීමෙන් ගිනි නිවීමේ භටයෙකු ද කලුතර – නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර, විදුලිගින්න හටගන්නට ඇති බවටයි සැක කරන්නේ.