කුරුළු කූඩුවක සතුටෙන් ජීවත්වෙන්න හැම කෙල්ලෙක්ම හීන මවනවා.. ඇගේ ඒ හීනය අද සැබෑවක් වෙලා..
නිෂිනි හතරසිංහ.. හතරසිංහ පවුලේ බඩපිස්සි ඇය නේ.. ටනාෂාගේ නංගී කිව්වාම ගොඩක් දෙනෙක් දන්න ඇය, දැන් නම් ගොඩක් දෙනෙක් දන්නේ මේ ප්‍රසිද්ද කලා පවුලේ ලේලිය විදිහට..
කමල් අද්දරාඅරච්චි නම් වූ ඒ මහා රංග පෞරුෂයක් හිමි ශිල්පියාගේ වැඩිමහල් පුතා රයින් එක්ක තමයි නිෂිනි විවාහ දිවියට එළඹෙන්නේ.. තවමත් ඒ තරම් වයසක් නැති මේ පුංචි කෙල්ල ඒ ගෙදර ගොඩක් සතුටෙන් විනෝදයෙන් කාලය ගෙවනවා කියලා ඇගේ සමාජ මාධ්‍යවලින් අපට දැකගන්න පුළුවන්..
ඉතින් පසුගිය දවසක් නිෂිනෙගේ උපන්දිනය යෙදිලා තිබුණා.. ඒ දවස කවදාවත් ඇයට අමතක නොවෙන දවසක් කරන්න අද්දරාඅරච්චි පවුලම ගොඩක් මහන්සි වෙලා වගේ.. විශේෂයෙන්ම ඇගේ සැමියා..
ඉතින් පවුලේ හිතවතුන් වගේම යහළු යෙහෙළියන්ගෙන් පිරුණු උපන්දින සාදයක් නිෂිනිට ලබාදෙන්න ඒ අය හැමෝම එකතු වෙලා.. ඉතින් මීට දවස් කීපයකට ඉහතදි තිබුන මේ උපන්දින සාදයේ අපූරු ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණේ මෙන්න මෙහෙමයි..