Sports

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා පිටත්ව යයි.

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා පිටත්ව යයි.

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා 07/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන්  පිටත්ව ගියහ.

මෙම ශ්‍රී ලංකා  මළළ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින්  තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්‍රංශය වෙත පිටත්ව යාමට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා සහභාගී වන මළළ ක්‍රීඩකයින් තිදෙනකු , පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ ලේකම්  සමන් කුමාර ගුණවර්ධන  මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඔවුන් 07/24 දින රාත්‍රී 09.15 ට දෝහා බලා පිටත්ව ගිය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 657 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය .

Related Articles

Back to top button