Local News

රන් ගිනිඅවි සිද්ධියේ සැකකාරියට ඇප

රන් ගිනිඅවි සිද්ධියේ සැකකාරියට ඇප

ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශාඛා අයිරාංගනී විරකෝන් නමැති  සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අදාළ සැකකාරිය රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද ඉකුත්දා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබුණි.

Related Articles

Back to top button