Local News

සුබ සාධන දීමනා කප්පාදුවක් නෑ

සුබ සාධන දීමනා කප්පාදුවක් නෑ

රජය මගින් ලබා දෙන සුබ සාධන දීමනා කිසිවක් අහිමි කිරීම් සූදානමක් නොමැති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසනවා.

වකුගඩු රෝගීන් සදහා ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට සදහන් කරමින් වාර්තාවක් පල වී ඇති බවත් එය අසත්‍ය බවත් සදහන් කරමින් එම අමාත්‍යාංශය මේ බව කියා සිටියා.

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් සිදු කෙරෙන බවයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Related Articles

Back to top button