Local News

ගතවුණු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 16ක්

ගතවුණු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 16ක්

ගතවුණු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 16ක් ලැබී තිබෙනවා.

ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 11ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එම පැමිණිලි 11 ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීමට අදාළවයි.

එමෙන්ම, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 05ක් වනවා.

ඒ, ප්‍රචන්ඩ ක්‍රියාවලට අදාළ පැමිණිලි 01ක් වන අතර, නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් පැමිණිලි 02ක් ලැබී තිබෙනවා.

තවද වෙනත් පැමිණිලි 02ක් ලබා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව ප්‍රචන්ඩ ක්‍රියා 01ක් වන අතර, නීති උල්ලංඝණය කිරීම් 13ක් හා වෙනත් පැමිණිලි 02ක් වෙනවා.

Related Articles

Back to top button