එක්ස් ගිණුම් භාවිතය දින 10 කට අත්හිටුවීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ තීරණය කරයි.

සිය රට තුළ එක්ස් ගිණුම් භාවිතය දින 10 කට අත්හිටුවීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ තීරණය කර තිබෙනවා.

එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ හිමිකරු වන එලෝන් මස්ක් සමඟ පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ මෙම පියවරට ඔහු එළඹ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

වෙනිසියුලානු මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරය පිටුපස එලෝන් මස්ක් සිටින බවට වෙනිසියුලානු ජනාධිපතිවරයා මීට පෙර චෝදනා කර තිබුණා.