පිලිපීනයේ උතුරුදිග ප්‍රදේශයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.
මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පාසල් සහ රජයේ ආයතන වසා දමා ඇති අතර, දෛනික කටයුතුවලටද බාධා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙහිදී මැනිලා නුවර ඇතුලු වෙරළබඩ ප්‍රදේශවලට ඉදිරි කාලයේදී පැයට කිලෝමීටර 90 ක් දක්වා තද සුළං ඇතිවිය හැකි අතර, කඳුකර ප්‍රදේශවලට නායයෑමේ අවදානමක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.