Local News

නාමයෝජනා භාර දීමෙන් පසු ජනපතිවරයා දළඳා සමිඳුන් වැඳපුදා ගනී

නාමයෝජනා භාර දීමෙන් පසු ජනපතිවරයා දළඳා සමිඳුන් වැඳපුදා ගනී

පාර්ලිමේන්තුවේ බහුතරය තමන් ජනාධිපති ධුරයට පත් නොකලේ නම් ශ්‍රී ලංකාවද බංග්ලාදේශයක් බවට පත් වීමට ඉඩ තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (15) නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසු සිය ආධාරකරුවන් අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා භාර දීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයාව ප්‍රිතී ඝෝෂා නගමින් ඔහුගේ ආධාරකරුවන් විසින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ඊයේ මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

පසුව ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිර් මහානායක හිමිවරුන් ද බැහැ දැක තිබෙනවා.

Related Articles

Back to top button