Local News

ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වෙයි.

ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වෙයි.

ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා.

ඒ පිළිබඳව ඔහු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට දැනුම් දීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත  ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය සහ නෝර්ත් සී යන ආයතනයවල වගකීම්වලින් ඉවත් වී තිබෙනවා.

ලංකා ධීවර සංස්ථාවේ සභාපති සම්බන්ධයෙන් එම සංස්ථාවේ පැන නැගී ඇති ගැටලු‍කාරී තත්ත්වය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙනුයි ඔහු සිය වගකීම්වලින් ඉවත් වී ඇත්තේ.

Related Articles

Back to top button