
අමෙරිකාව විසින් අමතර යුද නැව් සහ ප්රහාරක ජෙට් යානා මැද පෙරදිගට යැවීමට තීරණය කර තිබෙනවා.
ඊශ්රායලයේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අතිරේක බැලස්ටික් මිසයිල ආරක්ෂණ හැකියාව ඇති උපකරණද ඇතුළත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉරානයේ හමාස් නායක ඉස්මයිල් හනියේ සහ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ ප්රධාන අණදෙන නිලධාරි ෆුඩ් ෂුකර් ඝාතනය කිරීමත් සමග ඊශ්රායලයට ඉරානයෙන් සහ පාර්ශව රැසකින් දැඩි තර්ජනයක් එල්ලවී තිබෙනවා.
හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීම නිසා ඊශ්රායලයට එරෙහිව ”දැඩි දඩුවම්” ලබා දෙන බවට ඉරාන නායක අයතුල්ලා කමේනි ප්රතිඥා දී ඇති අතර, එරට දින තුනක ජාතික ශෝක කාලයක් ප්රකාශයට පත් කළා.



