මේ වසරේ මුල් මාස හය තුළදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද දුම්වැටි මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව සැළසුම් කර තිබෙනවා.
එහි වටිනාකම රුපියල් මිලියන 75කට අධික බව සඳහන්.
මෙම දුම්වැටි තොගය ලංකා දුම්කොළ සමාගම විසින් රේගුවේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට නියමිතව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් දුම්වැටි අතර ප්‍රසිද්ධ වෙළඳනාමද ඇතුළත් වන අතර, ඉන් වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480කට අධික බවයි රේගු අධිකාරිය ප්‍රකාශ කළේ.