මන්කි පොක්ස් පළමු එන්නත් තොගය කොංගෝ රාජ්‍යයට ලැබී තිබෙනවා.
ඩෙන්මාර්ක සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම තොගයට එන්නත් ලක්ෂයක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මෙලෙස කොංගෝ අගනුවර වෙත එන්නත් තොගය රැගෙන එනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකානු රටවල් 12 ක මන්කි පොක්ස් පැතිරීම ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනකට පසුවයි.
තවත් එන්නත් ලක්ෂයක් හෙට ලබාදීමට නියමිත අතර, එන්නත්කරණය සිදුකරන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව විදෙස් වාර්තාවල සඳහන්.