World

අමෙරිකාවේ සිටින ලාංකිකයින් 3065ක් පිටුවහල් කිරීමේ සූදානමක්

අමෙරිකාවේ සිටින ලාංකිකයින් 3065ක් පිටුවහල් කිරීමේ සූදානමක්

අමෙරිකානු රජය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කරයි.

මේ ආකාරයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව අමෙරිකානු පරිපාලනය විසින් මේ වනවිට සකස් කර තිබේ.

ඊට ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සදහන් වේ.

එහිදී අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත්ව නොමැත.

Related Articles

Back to top button