Local News

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වෙයි

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වෙයි

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, 12.5% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක වන බවයි.

2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධික වනවා.

2019 වසරේ ප්‍රකාශිත ප්‍රතිශතය 83%ක් ලෙස පැවති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 කට අධික වනවා.

Related Articles

Back to top button