Entertainment

හිස් අතින් ඔස්ට්‍රේලියාවට ගිය විනුල් මිලියනපතියෙක් වෙයි.

හිස් අතින් ඔස්ට්‍රේලියාවට ගිය විනුල් මිලියනපතියෙක් වෙයි.

මීට වසර නමයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් මේ වනවිට මිලියනපතියෙක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

දැනට මෙල්බර්න් නගරයේ වාසය කරන විනුල් කරුණාරත්න 25 හැවිරිදි ය.

ඔහු එරටට යන විට වැඩි මුදලක් අතේ තිබී නැත.

සිය අධ්‍යාපන කටයුතු කරන අතරතුර රාත්‍රියේ තාවකාලික පදනමින් එරට සුපිරි වෙළෙඳසැලක සේවයේ නිරතව තිබුණි.

එසේම විවේක කාලයේදී නිවාස පිරිසිඳු කිරීමේ කටයුතුවලද ඔහු නිරත වී තිබේ.

එමඟින් ලැබුණු ආදායම හොඳ වූ බැවින් ඔහු පසුව එරට ප්‍රකට Airtasker නම් වෙබ් අඩවිය හා එක්වී තිබේ.

එම වෙබ් අඩවිය විවිධ සේවා සපයන්නන් ව සපයා ගැනීමට උපකාර කරයි.

මේ වනවිට එම වෙබ් අඩවිය හා සම්බන්ධ වැඩිම ආදායම් ලබන පළමු 10 දෙනා අතර විනුල් ද සිටියි.

විනුල් ගේ සේවාව සඳහා වැඩි ඉල්ලුමක් ලැබෙන බවත් ඔහුගේ දෛනික ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ත් – 1,400ත් අතර වන බව සඳහන් වෙයි.

තමා සිහින මවමින් සිටි මෝටර් රථය මිලදී ගැනීමටත් ශ්‍රී ලංකාවේ වාසය කරන සිය දෙමව්පියන්ට නිවාසයක් මිලදී ගැනීමටත් ඔහු සමත්ව ඇත.

මේ වනවිට පූර්ණ කාලීනව එම රැකියාවට යොමුවීමට ක්‍රියාකර ඇති විනුල් එරටින් නිවාසයක් මිලදී ගැනීමටත් වෙනත් අංශවල ආයෝජනය කිරීමටත් සැලසුම් කරයි.

Related Articles

Back to top button