යුක්රේනය පළමුවරට අමෙරිකාව ලබා දුන් දිගු දුර මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දී තිබෙනවා.
අමෙරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
රුසියානු වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනයට ආසන්නයේ පිහිටි රුසියාවට අයත් බ්‍රයන්ස්ක් ප්‍රදේශය වන අතර මිසයිල පහක් මෙහිදී එල්ල කර ඇති බවත් එක් ප්‍රහාරයකින් හමුදා කඳවුරකට හානි සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.
රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් චෝදනා කර ඇත්තේ අමෙරිකාව විසින් යුක්රේන රුසියා ගැටුම උත්සන්න කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.