Local News

මර්වින් සිල්වා මහතාගේ බිරිඳ මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙන්න

මර්වින් සිල්වා මහතාගේ බිරිඳ මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර උසාවියට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (05) රාත්‍රී පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

මේ අතර මර්වින් සිල්වා මහතාගේ බිරිඳ මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වීය.

“මමත් හරියට දන්නේ නෑ. ඊයේ රෑ ඇවිත් 2015 කතාවක් කිව්වා. මොකද්ද මේ කඩකාමරවල ප්‍රශ්නයක් කියලා එක්කන් ගියා.”

Related Articles

Back to top button