
මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුනුපොළ පැවසුවේ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවය.
“මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති බවට පවසන්න පුළුවන්. විවිධ වට්ටම්, නිවසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් ඔබට පණිවුඩ එවන්න පුළුවන්. එවැනි පණිවුඩ ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදීමට වගබලා ගන්න.”
මේ අතර පසුගියදා සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබි අඩවිය සම්බන්ධයෙන් ද චරුක දමුනුපොළ මෙලෙස අදහස් පළ කළේය.
“එම වෙබ් අඩවියේ දුර්වලතා කිහිපයක් හේතුවෙන් මෙම සයිබර් ප්‍රහාරය එල්ලවෙන්නට ඇති බවට අපි හඳුනාගෙන තිබෙනවා. හැකි ඉක්මනින් මෙය යථා තත්ත්වයට පත්කර මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.”



