Local News

කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක්

කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මාර්ග අංක 187 යටතේ ධාවනය වන කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබේ.

ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම සමාගම පවසයි.

ඒ අනුව දිනකට ගමන්වාර 10 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙලෙස කොටුව – කටුනායක බස් රථවලට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට අවසර හිමිවන්නේ වසර 6කට ආසන්න කාලයකට පසුවය.

කෙසේ නමුත් මෙම බස් රථවලට ගුවන්තොටුපොළ තුළ රැඳී සිට මෙම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොමැත.

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා එක් මගියෙකුට යාමට අයකරන ගාස්තුව රුපියල් 450 කි.

Related Articles

Back to top button