Sports

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්

ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී.

ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය.

තරග තීරකවරියක් ලෙස  මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම්කර තිබේ

9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකුට මේ සඳහා අවස්ථාව ලැබෙයි.

කාන්තා 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

Related Articles

Back to top button