Local News

ලෝක විවාහන රෑ රැජින අනූ ශූරතාවය දිනූ ඉෂාදි අමන්දා දිවයිනට පැමිණෙයි.

ලෝක විවාහන රෑ රැජින අනූ ශූරතාවය දිනූ ඉෂාදි අමන්දා දිවයිනට පැමිණෙයි.

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වී එහි අනුශූරතාවය දිනාගත් ඉෂාදි අමන්දා අද (04) දිවයිනට පැමිණියාය.

පසුගිය 30 වැනිදා ලෝකයේ රටවල් 40ක විවාහක රෑ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගය පවත්වා තිබුණු අතර ඉන් ඇය අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුවාය.

ඇය අද අලුයම 01.55ට දෝහා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ඇය එහිදී උදෑසන 09ට පමණ පැවැත්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගී වූවාය.

ඇය සමග තරගාවලිය පිළිබඳ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරු ද , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණි පෙරේරා, එහි සහකාර අධ්‍යක්ෂ සුරේෂණී පිළපිටිය ඇතුළු මෙම ක්ෂේත්‍රයේ විශාල පිරිසක්  ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Related Articles

Back to top button