
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට(20)ට යෙදී තිබෙනවා.
ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව ජාතික වැඩසටහන පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වුණා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර මුඛ පිළිකා හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තුන්දෙනෙකු මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, වසරකට 3,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් වාර්තා වන බවයි.
කටේ සුදු ලපයක්, රතු ලපයක් එසේත් නොමැතිනම් තොල සුදුවීමක් හෝ අසාමාන්‍ය දැවිල්ලක් වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම ඒ සඳහා ප්‍රතිකාර ගන්නා ලෙසයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
මුල් අවස්ථාවේදී ප්‍රතිකාර ලබා ගන්නේ නම් මුඛ පිළිකා තත්ත්වය අවම කර ගත හැකි බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



