
අනුරාධපුරේ රෝහලේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත්ත ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වැඩවර්ජනය හෙට (13) උදේ 08.00 වන තුරු එලෙසම පවතින බව එම සංගමය පවසනවා.
මේ අතර, අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසන සිදු කිරීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්නෑව පොලිසිය විසින්.
එම සිද්ධියට විරෝධය පළ කරමිනුයි අද පෙරවරු 8 සිට දිවයින පුරා පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට එම සංගමය තීරණය කළේ.



