
අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද (18), හෙට (19), අනිද්දා (20) හා 21 දා දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ.ඉදිපොලගේ සදහන් කරයි.
ඒ අනුව බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සහ කන්කසන්තුරේ සිට කොළඹ බලා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව වැඩිදුරටත් සදහන් කරයි.



