Local News

එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක්

එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක්

එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි.”

Related Articles

Back to top button