Local News

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බවයි.

ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10 වැනි දා ට පෙර Online ඔස්සේ එම පහසුකම සලසා ඇති බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

WWW.DONETS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබා ගත හැකි වේ.

මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙන්නේ, සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 474,147 කි.

මධ්‍යස්ථාන 3663කදී ලබන 17 වැනි දා සිට 26 වැනි දා දක්වා විභාගය පැවැත්වේ.

Related Articles

Back to top button