Local News

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දමා තිබේ.

මෙම වෙන්දේසිය අද (7) සිදුකිරීමට නියමිතව තිබූ අතර, එය ආරම්භවීමට පැය කිහිපයකට පෙර මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්ය.

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මෙම මැණික් තොගය වෙන්දේසියේ විකිණීම වහාම නතර කර කෞතක වස්තු ඉන්දියාව වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ වෙන්දේසි ආයතනය වන හොංකොං හි සොතෙබිස් වෙත නීතිමය ලිපියක් යැවීමට ඉන්දියාව පියවර ගෙන තිබුණි.

එම ලිපියෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

1898 දී උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේට අයත් යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මෙම මුතු, මැණික්, නිල් මැණික්, රත්‍රං ඇතුළු ආභාරණ 1,800කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනු ලැබීය.

මෙම භාණ්ඩවල වටිනාකම හොංකොං ඩොලර් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි.

Related Articles

Back to top button