Local News

“ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය” යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක්

"ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය" යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක්

“ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය” යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමිනි.

“අපි ඇත්ත වශයෙන්ම මේ මොහොත් ඒ ව්‍යාපෘතිය යටතේ ඒ තොරාාගත් පාසල් පිළිබඳව සමාලෝචනයක් කරනවා. ව්‍යාපෘතියට තෝරාගත් බොහෝ පාසල් අඩක් නිමකරලා අතරමග නැවතිලා තියෙනවා.

ඒ නිසා ඒ සියලු පාසල් සමාලෝචනය කරමින් අපේ සැලැස්ම අනුව සියලුම දරුවන්ට කිලෝමීටර් 3ක සීමාව ඇතුළත යන්න පුළුවන් ප්‍රාථමික පාසලක්, එහෙම පාසල් ගණනාවක් එකතු කරමින් යන්න පුළුවන් අංගසම්පූර්ණ ද්වීතික පාසලක් වෙනුවෙන් වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් කරගෙන යනවා. ඒ වගේම 80%- 90%ක් වැඩ ඉවර කරලා තියෙන පාසල්වලට අපි ප්‍රමුඛතාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. “

Related Articles

Back to top button