World

ත්‍රස්තවාදය ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට නෙදර්ලන්තයේ දී රතු එළියක්

ත්‍රස්තවාදය ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට නෙදර්ලන්තයේ දී රතු එළියක්

දේශසීමා හරහා ත්‍රස්ත ප්‍රහාර දිගටම පැවතුණහොත් පාකිස්ථානය එහි ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, සිය නෙදර්ලන්ත නිල සංචාරය අතරතුරදී යි.

නෙදර්ලන්ත පුවත් සේවයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය ජයිශංකර් මේ බව පැවසුවේ, අප්‍රේල් 22 ජම්මු සහ කාශ්මීරයේ පෙහෙල්ගාම් හි ප්‍රහාරය ගැන සඳහන්.
පාකිස්ථාන හමුදා නායකත්වය අන්ත ආගමික මත දරන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.
“අපිට ත්‍රස්තවාදයේ නිශ්චිත අවසානයක් අවශ්‍යයි. එබැවින් අපගේ පණිවිඩය, සටන් විරාමය දැනට එකිනෙකාට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග අවසන් කර ඇත, නමුත් පාකිස්තානයෙන් ත්‍රස්තවාදී ප්‍රහාර දිගටම පැවතුණ හොත් එහි ප්‍රතිවිපාක ඇත.” යනුවෙන් අමාත්‍ය ජයිශංකර් එහි දී පවසා තිබෙනවා.
එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, එම අවදානම් තත්වය පිළිබඳ පාකිස්ථානුවන් හොඳින් තේරුම් ගත යුතු බවයි.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර මෑත කාලීන ගැටුම් හේතුවෙන් සිය විදෙස් සංචාර සැලසුම් අවලංගු කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් නෙදර්ලන්තයට ගොස් සිටිනවා.
මෙම සංචාරය ආර්ථික සහයෝගීතාවය සහ ත්‍රස්තවාදයට එරෙහි වීම මෙන්ම මෙම වසර අගදී අගමැති මෝදිගේ නැවත සැලසුම් කළ සංචාරය සඳහා සූදානම් වීමේ සාකච්ඡා කෙරෙහි අවධානය යොමු කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Related Articles

Back to top button