Local News

පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර

පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර

පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක වනු ඇති.
මෙම විශේෂ දුම්රිය සේවා මේ මස 11 වන දා දක්වා ක්‍රියාත්මකයි.
 පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පුජා නගරය කේනද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක කෙරෙනවා.

Related Articles

Back to top button