
මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්නවී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇත. මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
මෙම මාර්ග වෙනස් කිරීම් හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන් හි කාලය දීර්ඝ වීමක් සිදුවිය හැකි බව ද ශ්‍රීලංකන් ගුවන් සේවය කියා සිටී.
එහිදී අද (13) දින ලන්ඩනයේ සිට කොළඹට පැමිණෙන UL504 ගුවන් යානය, යළි මාර්ගගත කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවනු ලබන අතර බලපෑමට ලක් වූ ගුවන් අවකාශය මඟ හැරීම සඳහා කොළඹ සිට පැරිස් දක්වා UL501 යානයේ ද ගමන් මාර්ගය වෙනස් කර තිබේ.
පහත සඳහන් අංක ඔස්සේ මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.
1979 (ශ්‍රී ලංකාව තුළ);
+94 11 777 1979 (ජාත්‍යන්තර);
WhatsApp +94 74 444 1979



