
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් තෙදින නිල සංචාරයක් සඳහා ලබන 23වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියෙකු විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන පළමු සංචාරය මෙයයි.
නිල සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා මහනුවර, යාපනය, ත්‍රිකුණාමලය, ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.



